පාඨමාලාව සම්බන්ධව ඔබට ඇති ගැටළු වලට පිළිතුරු

Cryptocurrency පිළිබඳව සහ Trading පිළිබඳව මූලික දැනුමක් නොමැති කෙනෙකුට වුනත් මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්ද ?

මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබට කිසිඳු මූලික දනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. Trading සම්බන්ධව සහ Cryptocurrency සම්බන්ධව මෙන්ම Binance ගිණුමක් නිර්මාණය කිරීමේ සිට Profit එකක් ලබා ගන්නා තැන තෙක් සිදුකළ යුතු සියළුම දේවල් අප මෙම පාඨමාලාවේදී උගන්වනවා.

Trading කරන්න ඉංග්‍රීසි දනුමක් අවශ්‍යයිද ?

මුල සිට සරලව සියළුම දේවල් අප විසින් උගන්වන නිසා වැඩ කටයුතු කිරීමට ඔබට ඉංග්‍රීසි භාෂාව ගැටළුවක් කරගත යුතු නැහැ.

Trading කිරීමට පරිගණකයක් අත්‍යවශ්‍යද ? Smart Phone එකක් විතරක් තිබෙන කෙනෙකුට Trading කරන්න බැරිද ?

Trading කිරීම සඳහා පරිගණකයක් අත්‍යවශ්‍ය නැහැ. ඔයාගේ අතේ තිබෙන Smart Phone එක මේ සඳහා ප්‍රමාණවත්. Trading කිරීම සඳහා අවශ්‍ය වන Applications එක ඔබගේ Smart Phone එකට Install කරගත් පසුව සියළු කටයුතු පහසුවෙන් සිදු කරගත හැකියි. Smart Phone එකක් පමණක් තිබෙන අය සඳහා එම Application භාවිතා කරන ආකාරය සම්බන්ධව වෙනම පාඩම් මාලාවක් පාඨමාලාවට එකතු කර තිබෙනවා.

Trading හරහා ලාභයක් ඉපයීමට නම් මුදල් ආයෝජනය කළ යුතුද ?

ඔබට Trading සම්බන්ධව ඉගෙන ගැනීමට සහ පුහුණු වීමට Demo Account එකක් නොමිලේ ලැබෙනවා. එම ගිණුමෙන් නොමිලේ හිමිවන USDT($) භාවිතා කර ඇති තරම් කාලයක් ඔබට පුහුණු විය හැකියි. (මෙම USDT($) භාවිත කළ හැකි වන්නේ පුහුණු වීම සඳහා පමණයි) ඉන් පසුව ඔබට Trading වලින් ලාභයක් ඉපයීමටනම් යම් කිසි මුදලක් ආයෝජනය කරන්න සිදු වෙනවා. ඔබට අවමය 10 USDT (10$) ක් වැනි මුදලකින් Trading ආරම්භ කළ හැකියි. ඔබ ආයෝජනය කරන මුදලට සාපේක්ෂව ඔබට ලබාගත හැකි Profit එක තීරණය වෙනවා.

වීඩියෝ පාඨමාලාවකින් Trading කියන දේ ඉගෙන ගන්න පුළුවන්ද ?

අනිවාර්‍යයෙන් පුළුවන්. ලංකාවේ බොහෝ පිරිසක් මේ විදියට පාඩම් නරඹමින් ඉගෙන ගන්න මැලිකමක් දක්වනවා. නමුත් ඔබ Udemy වැනි Video Courses අලෙවි කරන වෙබ් අඩවි පරික්ෂා කර බැලුවොත් ඔබට දැකගන්නට හැකි වේවි ලොව පුරා මිලියන ගණනක් සිසුන් මෙවැනි වීඩියෝ පාඨමාලාවන් හරහා ඉගෙන ගන්නා ආකාරය. ඉහළ ගුණාත්මකභාවයකින් යුතු , නිවැරදි දැනුමක් ලබාදෙන , අලෙවියෙන් පසු සේවාවක් සහ මඟපෙන්වීමක් ලබාදෙන මෙවැනි වීඩියෝ පාඨමාලාවකට සම්බන්ධ වනවානම් ඔබට සාර්ථක ප්‍රථිඵල ලබාගත හැකියි.

මෙම පාඨමාලාව වීඩියෝ පාඩම් මාලාවක් ලෙස ලබාදෙන නිසා මෙම ක්‍රමයට ඉගෙන ගැනීම සාර්ථකයිද ?

මෙම වීඩියෝ පාඩම් මාලාව අප විසින් නිර්මාණය කර තිබෙන්නෙ ඔබට අධ්‍යයනය කිරීමට පහසු වන අයුරින් සහ ඉතාමත් පහසුවෙන් ඕනෑම දැනුම මට්ටමක අයෙකුට තේරුම් ගැනීමට පහසු වන ආකාරයෙන්. ඔබට ඕනෑම වේලාවක ඕනෑම වාර ගණනක් මෙම පාඩම් නැරඹිය හැකි නිසා සංකීර්ණ කරුණක් වුවත් පාඩම කිහිප වතාවක් නැරඹීමෙන් හෝ තේරුම් ගත හැකියි. පාඨමාලාව මිලදී ගැනීමට පෙර අපගේ වෙබ් අඩවිය හරහා ඔබට නොමිලේ ලබා දෙන Videos නැරඹීමෙන් අප විසින් ඉගැන්වීම් සිදු කරන ආකාරය සහ පාඨාමාලාවේ ගුණාත්මක භාවය පිළිබඳව අදහසක් ලබා ගන්න.

පාඨමාලාව මිලදී ගත් පසු Video පාඩම් ලැබෙන්නෙ කොහොමද ?

ඔබ පාඨමාලා ගාස්තුව ගෙවූ පසුව අප වෙත ලබාදෙන Email Address එකට අප විසින් Google Drive හරහා පාඨමාලාවට Access ලබා දෙනවා. එවිට ඔබගේ Email Address එකට එන Link එක හරහා ඔබට අවශ්‍ය ඔනෑම මොහොතක පාඨමාලාවට අදාළ පාඩම් නැරඹිය හැකියි.

මෙම Video පාඨමාලාව කොයි තරම් කාලයක් බලන්න පුළුවන්ද ?

මෙම පාඨමාලාවට අදාළ Videos සඳහා ඔබට Lifetime Access ලැබෙනවා. එම නිසා ඔබට මෙම Videos ඔනෑම වාර ගණනක් , ඕනෑම කාලයක් යනතෙක් නැරඹිය හැකියි. ඒ වගේම පාඨමාලාවට ඉදිරියේදී අලුතින් එකතු වන පාඩම් සියල්ල අමතර අය කිරීමකින් තොරව ඔබට ලැබෙනවා.

වැඩ කරගෙන යද්දි එන ගැටළු වලදි උදව් කරනවද ?

ඔව්. වීඩියෝ පාඩම් මාලාව හදාරන විට ඔබට ඇතිවන ඕනෑම ගටළුවකට Whatsapp හරහා සෘජුවම ගුරුවරයාගේ ක්ෂණික සහය ලබාගත හැකියි. (8.00 A.M – 10.00 P.M) අත්‍යවශ්‍ය අවස්ථාවකදී දුරකතන ඇමතුමක් හරහා වුවද සහය ලබාගත හැකියි. Binance ගිණුම සම්බන්ධ තාක්ෂණික ගැටළු වලදී Anydesk හරහා අපගේ Live Support එකද ලබාගත හැකියි.

ඇයි Trade කරලා හම්බ කරනවානම් Courses කරන්නෙ ?

අපිට මේ Trading කියන Field එකේ මේ වෙනකොට අවුරුදු 06 කට වැඩි අත්දැකීම් තියෙනවා. මේ අවුරුදු කිහිපය ඇතුලත Trading කියන Field එක ඇතුලේ ගොඩක් දේවල් වරද්දගෙන වැටි වැටී නැගිටලා තමයි මේ ගමන ආවේ. Trader කෙනෙක් විදියට ඔබත් මේ ගමන යද්දි ගොඩක් තැන් වලදි Fail වෙයි. ඔයා තනියම වැරදි අඩුපාඩු හදාගෙන ගමනක් යන්න ගියොත් සැහෙන කාලයක් ගත වෙනවා. අපි මේ වීඩියෝ පාඨමාලාව හරහා පැය 30 කටත් වැඩි කාලයකදි ඔයාලට ලබා දෙන්නෙ අපේ දැනුම සහ අවුරුදු කීපයක අපේ අත්දකීම්. ඔයාලට ඉතාමත් අඩු කාලයකින් , වරද්දගන්නෙ නැතිව මේ ගමන යන්න අවශ්‍ය මඟපෙන්වීම අපි ලබා දෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි ඉතාමත් සාධාරණ මුදලක් අය කරනවා. කාටවත් බල කිරීම් කරලා අපි Courses කරන්නේ නැහැ. අපේ Support එකත් එක්ක ගමනක් යන්න කැමති අයට විතරක් අපි එක්ක Join වෙන්න පුළුවන්.

මීට අමතරව තවත් ගැටළු තිබෙනවානම් පහට අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.